හිස්බඩ සිටින විට කවදාවත් මේ දේවල් 8 සිදු කරන්න එපා
11,996 Views

විශේෂඥයින් පවසන ආකාරයට, ඔබ උදෑසන අවදී වූ විගස, එනම් හිස්බඩ ඉන්න වෙලාවට, සමහර ක්‍රියාවන් සිදු කලොත්, එය අපේ ශරීරයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. උදැසන අවදි වූ විගස, දෙහි මිශ්‍ර උණුසුම් ජලය පානය කිරීම සෞඛ්‍යසම්පන්න වන අතර, සමහර දේවල් කිසිසේත්ම නොකළ යුතු වෙනවා. එවැනි, ශරීරයට හානි කරන පුරුදු 8 ක් පිළිබඳව තමයි මේ ලිපියෙන් විස්තර වෙන්නේ.
කෝපි සහ තේ පානය
ලොව පුරා ඉන්න මිලියන ගණනක් ජනතාව ඔවුන්ගේ දවස ආරම්භ කරන්නේ කෝපි හෝ තේ පානය කරමින්, නමුත් මෙය ඔබේ අන්ත්‍රයේ අභ්‍යන්තර ආස්තරණයට හානි සිදු කළ හැකි අම්ලපිත්ත රෝගයට අත වැනීමක් වෙනවා. උදෑසන අවදී වූ විගස වෙනත් කිසිවක් පානය කිරීමට පෙර, පළමුව වතුර වීදුරුවක් පානය කළ යුතුයි. ඉන්පසු, ඔබේ තේ කෝප්පයට ක්‍රීම් හෝ කිරි එකතු කර පානය කිරීමෙන්, එහි අහිතකර බලපෑම් අවම කර ගත හැකියි.
මත්පැන් පානය
උදෑසන අවදි වූ විගස මත්පැන් පානය කිරීම ඉතා භයානකයි. හිස්බඩ මත්පැන් පානය කළොත්, ඒවා ඉතා ඉක්මනින් අපේ රුධිරයට අවශෝෂණය කර ගන්න නිසා, ඔබේ ධමනි විශාල වීමත් ඒ හේතුවෙන්, රුධිර පීඩනය අඩුවීමත් සිදු වෙනවා. මෙය ඔබව ඉක්මනින් මත්බවට පත් කරන නිසා, ඔබ පුරුද්දක් වශයෙන් මෙය සිදු කලොත්, ඉතා ඉක්මනින් ඔබව අභ්‍යන්තරයෙන් විනාශ කරනවා.
වේදනා නාශක හෝ ස්ටෙරොයිඩ නොවන ප්රතිතිප්රදාහක ඖෂධ (NSAIDs)
මෙම දෙවර්ගයම හිස්බඩ ගැනීම කිසිවිටෙකත් හිතකර නොවන අතර, එමගින් ආමාශයික රුධිර වහනය හෝ වෙනත් ගැටළු ඇති විය හැකියි.
සිට්රස් වර්ගයේ/දොඩම් කුලයේ පලතුරු
දොඩම්, දෙහි වැනි මෙම වර්ගයේ පලතුරු අපේ ශරීරයට ඉතා ගුණදායක වුවත්, උදෑසන හිස්බඩ ආහාරයට ගැනීම කිසිවිටෙකත් නොකළ යුතුයි. මෙය ඔබේ රුධිරයේ pH අගය ආම්ලික බවට පත් කරමින් විවිධ අහිතකර සෞඛ්‍ය ගැටළු වලට ආරම්භයක් වෙනවා.
ව්‍යායාම
ඇත්තෙන්ම, ව්‍යායාම කිරීම සහ ශරීරයට නියම හැඩයක් පවත්වා ගැනීම අපේ සෞඛ්‍යසම්පන්න බවට ඉතා වැදගත් වන නමුත් උදැසනම හිස්බඩ ව්‍යායාම කිරීම කොහෙත්ම සුදුසු නැහැ. එයට හේතුව වන්නේ, ව්‍යායාම කිරීමේදී වැයවන ග්ලයිකොජන් අවශ්‍ය තරම් ප්‍රමාණයක් උදෑසනම අපේ ශරීරයේ අඩංගු නොවන නිසා, ඔබ ව්‍යායාම කළොත් සිදු වන්නේ මාංශ පේශි වැයවීමයි. මෙය මේද තැන්පත් වීම ඉහලයාමට හේතු වෙනවා.
WORKOUTS
උදෑසන ආහාරය නොගැනීමෙන් ශරීරයේ ශක්තිය අඩු වී ඇති විට Workout කිරීම ඔබේ ක්‍රියාකාරීත්වය සීමා කරනවා. එමනිසා, දිවා කාලයේ හෝ ආහාර ගැනීමෙන් පැය කීපයකට පසු ව්‍යායාම කිරීම වඩාත් සුදුසුයි.
කය වෙහෙසා වැඩ කිරීම
හිස්බඩ වැඩ කිරීමට යාමෙන්, ඔබට එදිනෙදා වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂක නොලැබී යනවා. එමනිසා ඔබ ඔබේ ශරීරයට ඇහුම්කන් දී උදෑසන ආහාරය ගැනීමෙන් පසු වැඩ කටයුතු අරඹන්න. ඔබ ඉක්මනින් වෙහෙසට පත් වෙනවා නම්, අනවශ්‍ය ලෙස ශරීරය වෙහෙසන්න එපා.
වෙළඳ පොලට යාම
මෙය කරුණ ඇසු පමණින් ඔබට මෙය විහිළුවක් ලෙස හැගෙන්නට පුළුවන්. නමුත් ඔබ උදෑසන ආහාර නොගෙන වෙළඳපොළට ගියහොත්, කැලරි අධික ආහාර මිලදී ගැනීමට ඔබ නිතැතින්ම පෙළඹෙනවා. එම නිසා අනිවාර්යෙන්ම උදෑසන ආහාරයෙන් පසු ඒ සඳහා පිටත් වන්න. හිස්බඩ පමණක්ම නොවෙයි බඩගිනි අධික කිසිම මොහොතක ආහාර වර්ග තේරීම සදහා වෙළදපොලට නොයා යුතුයි.