මෝර තෙල් වල ඇති ඔබ නොදත් අමිල ප්රතිලාභ 5 ක් මෙන්න
26,566 Views

තෙල් අධික ලෙස භාවිතයට නුසුදුසු ය. එහෙත්, ශරීර සෞඛයට හිතකර තෙල් වර්ග වලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන. මෝර තෙල් (Cod Liver Oil) යනු ද එවැනි තෙල් වර්ගයකි. මේවා මිනිසාට වඩාත් ප්‍රයෝජනවත් ය. මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට හිතකර ප්‍රතිඑල රාශියක් ලැබේ.
1. ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි
මෝර තෙල්වල අන්තර්ගත විටමින් D මඟින් ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් වේ. වියපත් වන කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත් ම ගුණදායක ය. බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන ආකාරයට, ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය සුදුසු ය.
2. පියයුරු පිළිකා මර්දනය කරයි
Nurses නමැති සෞඛ්‍ය අධ්‍යනය මඟින්, පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායක බව හඳුනාගෙන තිබේ. එමෙන් ම, බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට විශේෂයෙන් ම ගුණදායක තෙල් වර්ගයක් ලෙසින් ද මෙය හඳුන්වයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර තෙල් සුදුසු බව වෛද්‍ය මතය වේ. බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෙහි ඇති බව ය.
3.හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි
මෝර තෙල්වල, ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති බැවින්, ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇති වීම අවම කෙරේ. එසේ ම, කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට ද එමඟින් හැකි ය. එම නිසා, අනෙකුත් තෙල්වලට සාපේක්ෂව මෝර තෙල් ශරීර සෞඛයට හිතකර ය.
4. මානසික සෞඛ්‍යයට හිතකරය
ඔමේගා 3 පෝෂණ සංඝටකය මඟින් මනසෙහි සංකූලතා අවම කරයි. සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ද මෝර තෙල් භාවිත කරීමෙන් අඩු කර ගත හැකි ය. එසේ ම, දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන ව්‍යාකූල බව පාලනය කිරීමට ද මෙය දායක වේ.
5. දියවැඩියාව ඇතිවීම පාලනය කරයි
බටහිර වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළිවී ඇත්තේ, මෝර තෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කළ හැකි බව ය. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කිරීම සඳහා ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත් ය. මෝර තෙල්වල අඩංගු විටමින් A මඟින්, පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.
මේවා, ගුලි වශයෙන් හෝ තෙල් වශයෙන් භාවිත කළ හැකි ය.
අන්තර්ජාලය ඇසුරිනි | මදාරා