නියත දරුඵල හිමිකරදෙන ආයුර්වේද රහස් - දරු ඵල නොමැතිව පසුතැවෙන ඔබට ඉතා වැදගත් ආයුර්වේද රහස්
11,884 Views
දරුඵල අහිමි වන්නේ කාන්තාවන්ගේ දුර්වලතාම නිසා නොවේ. පුරුෂයින්ගේද විවිධ දුර්වලකම් ඇත. රියඳුරු අසුනේ බොහෝ වේලාවක් සිටීම, බේකරි, උළු පෝරණු වැනි උෂ්ණාධික ස්ථානවල සේවය කිරීම අඹුසැමි දෙදෙනාගේ අසමගිකම නිසා මානසික රෝගද මෙයට බලපායි. වර්තමානයේ බොහෝ අඹු සැමියන්ට ඇති ප්‍රධානතම ගැටළුව වන්නේ දරුඵල අහිමි වීමයි. මෙසේ දරුඵල අහිමිවීමට හේතුකාරණා පවතී. පාරිසරික හා ආහාරපාන හේතු පවා දරුඵල අහිමිවීමට බලපෑ හැකිය. දරුඵල අහිමිවීමට කාන්තාව පමණක් හේතුවන බව මෙරට සමාජයේ මුල් බැසගත් මතයයි.
“වඳ ගැහැනිය“ වැනි වදන් වලින් දරුඵල අහිමි කාන්තාව මානසිකව පහළට ඇද දමයි. සත්‍ය වශයෙන් කාන්තාව මෙන්ම පිරිමියා තුළද දරුඵල අහිමිවීමට අදාල හේතු කාරණා තිබිය හැකියි. මේ අනුව එකී හේතු කාරණා සොයා බලා නූතන ක්‍රම හරහා රෝග හේතු සොයා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ශල්‍යකර්ම කළත් ආයුර්වේද ක්‍රම අනුව අපගේ ඖෂධ යෙදීමෙන් ශල්‍යකර්ම නොමැතිව සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ක්‍රම අප සතුව ඇත.
රෝගයක් නොව දුබලතාවක්
දරුඵල අහිමිවීම යනු දෙදෙනාගේම ප්‍රජනන ඉන්ද්‍රියවල දුබලතා විය හැකිය. දරුඵල අහිමිවන පුද්ගලයන් රෝගීන් ලෙස හැඳින්වීම නොකළ යුතු දෙයකි. පොහොර, ජලය, හෝමෝන් අදිය ලබාදුන් විට ඵල නොදරණ ගස්වල පවා ඵලදැරිය හැකිවනවා සේම දරුඵල අහිමිවීමට ඇති හේතු ඉවත්කර නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකිය.
ප්‍රතිකාර ක්‍රම
මෙසේ සියලු ගැටළුවලට නවීන වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම ඇතත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාෙව් ශල්‍යකර්ම වලින් තොරව ප්‍රතිකාර තිබෙන බව නොරහසකි. ශරීර උෂ්ණවීම වළක්වා නිශ්ක්‍රීය බීජ සක්‍රීය කර බීජ වර්ධනයට හා බීජ මෝරා නීරෝගී කරන ගර්භවර්ධනී, සක්‍රීය බීජ මෝරන ප්‍රතිකාර ක්‍රම අප වෙදපරපුරට පමණක් ආවේනික වූ ඖෂධ වර්ග බොහෝ ඇත. තවද කල්ගිය පීනස් රෝග, අර්ශස් රෝග, කෙස් සම්බන්ධ රෝග, ස්නායු රෝග ආදී සියළුම රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම අප සතුව ඇත. මව් පදවියට සුදුසුකම් ගැහැනු දරුවකු වැඩිවියට පැමිණි පසු ඇය හඳුවන්වන්නේ “සෘතුමතී“ තත්ත්වයට පත්වූ යුවතියක් ලෙසයි.
වැඩිවියට පත්වීමත් ඇයට ප්‍රජනන ශක්තිය හෙවත් දරුවකු ලැබීමට ඇති සුදුසුකම් සොබාදහම විසින් ලබා දෙයි. දැන් ඔය දරුවගුගේ මවක් වෙන්න සුදුසුයි යන පණිවිඩය මල්වර වීමයි. එතැන් සිට දින 28කට වරක් ස්ත්‍රී බීජයක් මෝරා පිටවීම බීජාගමනය හෙවත් මාස්ශුද්ධිය ලෙස හඳුන්වයි. මෙම කාර්යය අවුරුදු 45ක් දක්වා පමණ සිදුවිය හැකිය. මේ අනුව කාන්තාවන්ට දරුවන් බිහි කිරීමට ඇති හැකියාව මෙම කාලයෙන් පසුව වියැකී යයි. එහෙත් ලෝකයේ ඉඳහිට වයස 55-60 අතර කාන්තාවන් දරුවන් බිහිකර ඇති බව වාර්තා වී ඇත.
දරුඵල අහිමි කරන හේතු
කාන්තාවන්ට දරුඵල අහිමි වීමට බොහෝ හේතු කාරණා පවතී. ඒ අතර ශ්වේතත් ප්‍රදරය හෙවත් සුදයාම. සුද යාමේදී ශරීරයේ ඇති පෝෂණ කොටස් පිටවීයාම සිදුවන නිසා ශරීරයේ හෝමේන දුබලවීම ආදී විවිධ දුර්වලතා මතුවිය හැකිය. මේ හේතු කාරණා නිසා දරුඵල අහිමි වන අවස්ථා ඇත. රක්තප්‍රදර හෙවත් අනවශ්‍ය ලෙස රුධිරය පිටවීම කාන්තාවන්ට මාස් ශුද්ධිය සිදුවීම සාමාන්‍ය තත්වයකි. එහෙත් පිළිවෙළින් දින 28 කට වරක් මාස් ශුද්ධිය සිදු නොවීම, මාස කිහිපයකට වරක් සිදුවීම අස්වාභාවික සිද්ධියකි. නොනවත්වා වරින් වර රුධිරය පිටවීම භයානක රෝග රාශියක රෝග ලක්ෂණ විය හැකිය. පැලෝපීය නාළ අවහිරතාව, ඊස්ට්‍රජන් හෝමෝන අක්‍රීය වී බීජ මේරීම නැවතීම, ස්ත්‍රී බීජ නාළ අවරෝදය නොවන සුලුගැට ගර්භාෂයේ ඇතිවීම ආදී රෝග දරුඵල අහිමිවීමට හේතුවේ.
පුරුෂයන්ගේ ගැටළු
ඉහත සඳහන් කළ පරිදි කාන්තාවන් පමනක් නොව පුරුෂ පක්ෂයේ ඇති ගැටළු නිසා ද දරුඵල අහිමිවීම සිදුවිය හැකිය. පුරුෂ බීජ ක්‍රියාකාරී නොවීම, තරුණ වියේදී ඇතිවන කම්මුල්ගාය, විවිධ දුරාචාර හා විෂ වර්ග භාවිතය (මත්ද්‍රව්‍ය, දුම්වැටි, මත්කුඩු) උෂ්ණ ස්ථානවල වැඩ කිරීම, නිතර තද ඇදුම බාවිතා කිරීම, ජාන සම්බන්ධ කරුණු, ලිංගික අප්‍රාණිකත්වය යන කරුණු දරුඵල අහිමිවීමට බලපෑම් ඇති කරයි.
විශේෂ ආයුර්වේද ප්‍රතිකාර
ඉහත කී සියලුම දෝස සඳහා ආයුර්වේද වෛද්‍ය ක්රමයේ වි විශේෂ ප්‍රතිකාර රැසක් පවතී. මේ අනුව නූතන වෛද්‍ය විද්‍යාව මෙන්ම ආයුර්වේදයද එකී ගැටළුවලට ‘දිලීර‘ ආදී ගර්භාෂගත විවිධ රෝග හඳුනාගෙන කළ හැකි ආයුර්වේද ප්‍රතිකාර තිබේ. ගර්භාෂ ගෙඩි දියවීම සඳහා බෙහෙත් ලබාදීම, ස්ත්‍රී බීජ නාළ අවරෝදනය සඳහා නොවරදින ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමෙන් ගර්භාෂගත රෝග මගහරවා ගත හැකිය.
පිරිමි අයටත් ප්‍රතිකාර
පිරිමි පාර්ශවයේ ඇතිවන ගැටළු සඳහා විශේෂ උපදෙස් ලබාදීම හා දුරාචාර ආදී ගැටළුවලට මැදිවී සිටීනම් ඉන් මිදීමට ද උපදෙස් ලබාදීම මූලිකවම සිදු කරනු ලැබේ. මෙහිදී මූලිකවම වාජීකරණ ඖෂධ ලබාදීම හා රසායනික ඖෂධ ලබාදීම ද සිදුකරනු ලැබේ. පුරුෂලිංගික හා ස්නායු දුබලතා සඳහා ද විශේෂ ඖෂඛ වර්ග අප සතුව ඇත. ප්‍රතිඵල ස්ථිරයි. පළමු මාසයේ සිට මාස හයක් දක්වා කාලයක් ප්‍රතිකාර සිදු කරයි. එහිදී ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සෞඛ්‍ය මට්ටම, ශරීර ප්‍රමාණය වෙනත් රෝග අනුව සහ පවුලේ පසුබිම අනුව ලැබෙන ප්‍රතිඵල මෙන්ම ප්‍රතිඵල ලැබෙන කාල පරාසයද වෙනස් විය හැකිය.
විශේෂයෙන් සැමියා සහ බිරිඳ අත පවතින සමීප ඇසුර අඩුවීම ද ප්‍රතිඵල කෙරෙහි බලපායි. ඒ හැරුණු විට මාස 6 කට පසුව මාසයක් ඇතුළත විශිෂ්ට ප්‍රතිඵල බලපොරොත්තු විය හැකිය. එසේම ආර්තවය සිදුවූ පසු වෛද්‍ය උපදෙස් අනුව සැමියා බිරිඳ එක්වීම සිදුවිය යුතුය. එවිට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. එසේම කල වයස බලා විවාහවීම, ලිංගික එක්වීම හරියාකාරව සිදු කිරීම හා වේලාවට ඖෂධ භාවිතය, හෝමෝන ගැටළු නිරාකරණයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.
එසේම මෙහිදී කිවයුතු විශේෂ කරුණු කිහිපයකි
අනවශ්‍ය පරිදි උපත් පාලන එන්නත් භාවිතය හා ගබ්සාව යන කරුණු මත ඉදිරියේදි දරුඵල අහිමි වුවහොත් එය විශාල ගැටළුවකට මගපෑදිය හැකිය. එසේම උපරිම වයස අවුරුදු 45 දක්වා දරුඵල බලාපොරොත්තු වීමට ප්‍රතිකාර ලබාදීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකිය. එයට හේතුව ‘ආර්තවහරණයි’. එහෙත් පිරිමි පාර්ශවය සඳහා වයසෙහි බලපෑමක් නැත.
ධාතු පුෂ්ඨි රසායනය, ප්රභූකාමචිය, වාණරී චූර්ණය ආදී විශේෂ ඖෂධ වර්ග යොදා ගැනේ. ප්‍රතිඵල සාර්ථකයි. රජයේ ආයුර්වේද රෝහල්ව හිටපු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී, ස්ත්‍රී හා ළමා රෝග විශේෂ පුහුණු ආයුර්වේද විශාරද පණ්ඩිත, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ඇස් ඉවත් කරගන්නා තාක්ෂණ නිලධාරී දේශීය වෛද්යශූරි ආයුර්වේද විශාරද පණ්ඩිත ආර්.ඒ.ඩී. හෙන්රි රණසිංහ.
(උපුටාගැනීම අද දවස වෙබ් අඩවියෙන්)