හිස්සොරි වදෙන් මිදෙන්න සාර්ථක ප්‍රතිකාර 10ක් මෙන්න
9,223 Views
ඔබත් ඉස්සොරි නිසා කළු වර්ණයෙන් යුතු ඇදුම් අදින්නට බියවී සිටින්නේද?හිස් කබල මත ඉස්සොරි ඇතිවීම සදහා හේතු වන්නේ වියලි සැම තෙල් සහිත සම හිස් කබල මත බැක්ටීරියා සහ දිලීර වර්ධනය යන සාධකයන්ය.හිස්සොරි නිසා කසන ගතියක් ඇතිවෙන අතර වියළි සමේ පතුරු ගැලවෙන තත්වයක්ද ඇතිවෙනවා.මෙහි නරකම තත්ත්වය වන්නේ ඔබ සාදයකදී හෝ මිතුරෙකු සමග කතා කරන විට ඔවුන්ගේ අවදානය ඔබගේ උර හිස දෙසට යොමු වීමය .මෙහිදී ඔබ කිසිවක් කරගත නොහැකිව අසරණ වීමය.මේ සදහා ඔබට විවිඩ සැම්පු වර්ග භාවිතා කල හැකිය.එසේම ඔබට ස්වභාවික ප්‍රතිකාරයක් අත්හදා බැලීමටද හැකියාව තියෙනවා. නමුත් මෙමෙ ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයෙන් ඉස්සොරි කරදරෙන් අත්මිදීමට හැකිවෙනවා සේම මානසික සුවයක් ලබා ගැනීමටද හැකිවෙනවා.
හිස්සොරි කරදරෙන් මිදෙන්න සාර්ථක ප්‍රතිකාර 10ක් මෙන්න.
මෙය විවිඩ රෝග ගණනාවක් සදහා ඉතා හොද ප්‍රතිකාරයකි.එම රෝගය දත් කැක්කුමක් හෝ අජීර්ණයක් වුවද මෙය ඉතා පුදුම සහගත ලෙස ක්‍රියා කරනු ඇත .එමෙන්ම මෙය ඉස්සොරි සදහා ඉතා හොද ප්‍රතිකර්මයකි.ඒ සදහා ඔබට කරන්නට ඇත්තේ මෙහි කොළ ගෙන වතුර කෝප්ප හතරක් පමණ දමා රත් කිරිමය. විනාඩි පහළොවක් පමණ රත්කර එය සිසිල් වන්නට ඉඩ හැර කොළ ඉවත්කර එම වතුර හොදින් ඔබේ කෙස්වල තවරන්න. සතියකට වාර 3ක් හෝ 4ක් කිරීමෙන් ඔබට ඉතා සාර්ථක ප්‍රතිපල ලබාගත හැක.
පොල්තෙල්
පොල්තෙල් විශාල වශයෙන් භාවිතා වන්නේ ඉවුම් පිහුම් කටයුතු වලටය..එමෙන්ම පිරිසිදු කාරකයක් ලෙසද භාවිතා කරයි.ඉස්සොරි නැති කිරීමේ හැකියාව පොල් තෙල් වලට ලැබී ඇත්තේ එහි ඇති ප්‍රතිදිලිර ගුණය නිසාවෙනි.වියළි හිස් කබල තෙත් කරමින් කසන ගතිය නැති කිරීමේ හැකියාවක් පොල්තෙල් සතුවේ.
මෙහිදී.....
පොල් තේ ස්වල්පයකට දෙහි යුෂ ස්වල්පයක් එකතු කරන.(පොල් තෙල් ගන්නා ප්‍රමාණයෙන් හරි අඩක් ලෙමන් යුෂ එකතු කරන්න) එම මිශ්‍රණය හිසෙහි තවරා ඇගිලි තුඩු වලින් මිනිත්තු කිහිපයක් සම්භාහනය කරන්න. මිනිත්තු 20ක් පමණ ගත වූ පසු සෝදා හරින්න. සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
Apple Cider Vinegar
මෙය අද වන විට මුළුතැන්ගෙට අවශ්‍ය අමුද්‍රව්‍යක් ලෙස පත්වී අවසන්ය.ඕනෑම සුපිරි වෙළද සැලකින් මිලදී ගත හැක.මෙහි ඇති විශේෂම ගුණාංගය වන්නේ pH අගය නැවත ලබා ගැනීමට ඇති හැකියාවයි.එම නිසා මෙය ඉස්සොරි නාසකයක් ලෙස හැදින්විය හැක.මක්නිසාදයත් මෙමගින් වියලි හිස් කබලට නැතිවී ගිය තෙතමනය නැවතත් ලබාදීමය.
මේ සදහා...
මෙමගින් මේස හැදී 2ක පමණ ප්‍රමාණයක් ගෙන ඒ හා සමාන පරිමාවක් ජලය මිට එක් කරන්න. මෙම මිශ්‍රණයට tree oil බිංදු 15ක් පමණ එක් කරන්න. මෙය හිසේ තවරා මිනිත්තු 15ක් පමණ සිටින්න. මෙය හොදින් සෝදා හරින්න. සතියට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
බේකින් සෝඩා
බේකින් සෝඩා ඇසු පමණින් සියළු දෙනාට මතක් වන්නේ පාන් හෝ කේක්ය.මක්නිසාදයත් බොහෝ දෙනා මෙය පාවිච්චි කරන්නේ පාන් හෝ කේක් සැදීමටය.නමුත් මෙය ඉතා හොද ඉස්සොරි නාශකයකි.මෙමගින් හිස් කබලේ ඇති අනවශ්‍ය තෙල් උරා ගන්නා අතර ඔබේ වියළි හිස් කබල නැවට යථා තත්වයට පත්කරයි .
මෙහිදී....
බේකින් සෝඩා ප්‍රමාණයක් (අත්ල පිරෙන පරිදි) ගෙන එය යන්තමින් තෙතමනය සහිත හිසකෙස් මත තවරා සම්භාහනය කරන්න. මිනිත්තු 5කින් පමණ පසු මෙය උණුසුම් ජලයෙන් සෝදා හරින්න නමුත් ෂැම්පු යොදානොගන්න. සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
සුදු විනාකිරි
නාකිරි පිළිබද ඔබ හැම දෙනාම දැනුවත් ඒ වගේම සුදු විනාකිරි මගින් සිදු කරන්නෙත් ඔබගේ හිස් කබලෙහි දිලීර ඇතිවීම වැලක් වීමයි.මෙහිදී...... ෂැම්පු කිරීමෙන් පසුව සුදු විනාකිරි කෝප්ප භාගයකට ජලය කෝප්ප 2ක් මිශ්‍ර කර හිසේ ආලේප කරන්න.
මිනිත්තු 5කින් පමණ පසුව මෙම මිශ්‍රණය සෝදා හරින්න එසේත් නොමැතිනම් විනාකිරි කොටස් දෙකකට ඔලිවි තෙල් කොටස් 1ක් හා ජලය කොටස් 3ක් එක්කර මිශ්‍ර කර ගන්න. මෙය හිස්කබලේ තවරා මිනිත්තු 10ක් පමණ තබා මෘදු ෂැම්පු එකක් භාවිතා කර සෝදා හරින්න. සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
ඔලිවි තෙල්
නිතරම ඔලිවි තෙල් භාවිතා කිරීමෙන් හිස් කබලෙහි ඇතිවන වියලි ගතිය නැති කිරීමට හැකියාවක් ඇත.
එමෙන්ම ඔලිවි තෙල් ඉතාමත් හොද ස්වභාවික ප්‍රතිකාරයකි.
මෙහිදී......
ඔලිවි තෙල් ස්වල්පයක් මද වෙලාවක් රත් කර ගන්න. පසුව එම තෙල් වලින් මිනිත්තු කිහිපයක් සම්භාහනය කර උණුසුම් තුවායකින් හිසවෙලා ගන්න. මිනිත්තු කිහිපයක් පමණ හෝ රාත්‍රිය පුරාවටම එය තිබෙන්නට හැර හිස සෝදා හරින්න. සතියකට කිහිප සැරයක් මෙය සිදු කරන්න.
Tea tree තෙල්
මෙය ඉතා හොද ස්වභාවික ප්‍රතිකාරයකි.නමුත් අද වනවිට මෙය ක්‍රමයෙන් නිවෙස් වල භාවිතා නොවෙන දෙයක් ලෙසට පත්වී ඇත.මෙහි ඉතා හොද දිලීර නාශක හැකියාවක් ඇත.
මෙහිදී.....
ඉතා සුළු බිංදු ප්‍රමාණයක් ෂැම්පු සමග මිශ්‍ර කර භාවිතා කල හැක. එමෙන්ම පොල් තෙල් හෝ ඔලිවි තෙල් සමග මිශ්‍ර කර සදා ගත් මිශ්‍රණය හිසෙහි තවරන්න. මිනිත්තු කිහිපයක් පමණ හෝ රාත්‍රිය පුරාවටම එය තිබෙන්නට හැර හිස සෝදා හරින්න. සතියකට කිහිප සැරයක් මෙය සිදු කරන්න.
ලෙමන් යුෂ
යෝගට් කෝප්ප කාලකට ලෙමන් ගෙඩියක භාගයක් පමණ එකතු කරගෙන හොදින් මිශ්‍ර කර එය හිස් කබලෙහි ආලේප කර මිනිත්තු 20ක් පමණ තබා ෂැම්පු වර්ගයක් භාවිතා කර සෝදා හරින්න. එමෙන්ම ලෙමන් යුෂ තේ හැදී කිහිපයකට ජලය ස්වල්පයක් එක් කර හිස් කබල සම්භාහනය කර මිනිත්තු 5ක් පමණ සෝදා හරින්න .
ඇස්ප්‍රින්
බොහෝ දෙනා ඇස්ප්‍රින් යොදා ගන්නේ හිසේ කැක්කුමටය .නමුත් මෙය ඉතා හොද ඉස්සොරි නාශකයකි.මෙයට හේතුව වන්නේ සැලිසිලික් අම්ලය මෙහි අන්තර්ගත වීමයි.මෙමගින් හිස් කබලෙහි ඇති මැරුණු සම් ඉවත් කරයි.
ඇස්ප්‍රින් පෙතී 2ක් කුඩුකර එය ෂැම්පු සමග මිශ්‍ර කරන්න. හිස් කබලෙහි මෙය තවරා සම්භාහනය කර මිනිත්තු කිහිපයක් තබන්න. ඇස්ප්‍රින් කුඩු ඉවත්වන තෙක් හොදින් ෂැම්පු භාවිතා කර සෝදා හරින්න. එසෙත් නොමැතිනම් ඇස්ප්‍රින් පෙති 3ක් විනාකිරි මේස හැන්දක් සමග මිශ්‍ර කර ගන්න. එය හිස් කබලෙහි තවරා පැය භාගයක් පමණ තබන්න. ඇස්ප්‍රින් කුඩු ඉවත්වන තෙක් හොදින් ෂැම්පු භාවිතා කර සෝදා හරින්න.
උළුහාල්
උළුහාල් වල ඇති ප්‍රතිදිලීර ගුණාංගය හා සංසිදුවන ගුණාංගය මගින් වඩාත් හොදින් ඉස්සොරි නැති කර ගැනීමට හැකි වේ.
මෙහිදී.....
උළුහාල් තේ හැදි 3ක් පමණ රාත්‍රිකාලයේ පෙගෙන්නට දමා උදැසන එය තලපයක් වෙන්නට අබරා ගන්න . මෙය හිස් කබලෙහි තවරා පැය කිහිපයක් තිබෙන්නට හැර ෂැම්පු වර්ගයක් භාවිතා කර සෝදා හරින්න. සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.