හදවත් රෝග, ආඝාතය, කොලෙස්ටරෝල් වලට සුවය සලසන ලොව අංක එකේ පළතුර
12,559 Views

ලෝකයේ තියෙන අංක එකේ සුපිරිම ආහාරයක් තමයි රටඉඳි කියන්නේ. රටඉඳි සතු බොහොමයක් ගුණාංග කොලෙස්ටරෝල්, අධ්‍යාතතිය (hypertension), ආඝාතය (Stroke) වගේ රෝග සංසිදුවන්නට උපකාර වෙනවා. එයට හේතුව තමයි රටඉඳි, පරිවෘත්තීය ක්‍රියාවන් හොඳින් සිදු වීමට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත් වීම.
මෙම ලිපිය කියවූ පසු ඔබට වැටහේවි දිනපතා ආහාර වේලට රටඉඳි එකතුකරගැනීමේ වැදගත්කම.
1. යකඩ වලින් පොහොසත් වීම.
යකඩ විශේෂයෙන් වැදගත් වෙන්නෙ ලේ අඩු බවින් පෙලෙන අය, ගර්භනී කාන්තාවන්, සහ ළදරුවන් සදහා. දිනකට රටඉදි 100 g ක් (එහි යකඩ 0.9mg අඩංගුයි) අහාරයට ගැනීමෙන් දෛනිකව ගත යුතු යකඩ ප්‍රමාණයෙන් 11 %ක් සපුරාලනවා. රතු රුධිර සෛල සහ හිමෝග්ලොබින් වල සංඝටකයක් වන යකඩ මගින් රුධිරය තුල ඔක්සිජන් පරිවනය වඩා හොඳින් සිදු කරනවා.
2. පාචනය වළක්වයි.
රටඉඳි වල අඩංගු වන පොටෑසියම් මගින් පාචනය ඇති වීම වලක්වා හිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ප්‍රේරණය කරනවා.
3. මළබද්ධය වළක්වනවා.
මේ සදහා රටඉදි ස්වල්පයක් වතුරේ දමා රාත්‍රියක් තිබෙන්නට හැර පසු දින එම යුෂ පානය කරන්න. එවිට ආහාර ජීර්ණය වේගවත් වෙනවා. එලෙසම එහි විරේකන හැකියාවක්ද පවතිනවා.
4. ශරීර ස්කන්ධය සංතුලනය කිරීම.
උදෑසන හිස් බඩට රටඉඳි ආහාරයට ගැනීමෙන් මේද පටක වැඩිපුර අැතිවීම නවතාලනවා. රටඉඳි වල කොලෙස්ටරෝල අඩංගු වෙන්නේ නැහැ. මෙ නිසා සිරුරේ බර සමබර කරනවා. නමුත් මෙහි සීනි ප්‍රමාණයක්ද අඩංගු නිසා ඒ පිළිබදව ඔබ සැලකිළිමත් විය යුතුයි.
5. කොලෙස්ටරෝල් පාලනය කිරීම.
රටඉඳි මගින් LDL එනම් සිරැරට අහිතකර කොලෙස්ටරෝල් යාමනය කිරීම සිදු කරනවා. රැධිර වාහිනී පිරිසිදු කර රුධිර කැටි ඇතිවීම වළක්වනවා.
6.හදවත වඩා ශක්තිමත් කිරීම.
රටඉඳි රාත්‍රියක් පුරා පෙගෙන්නට හැර ආහාරයට ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.
7. රුධිර පීඩනය යාමනය.
රටඉඳි වල සෝඩියම් අඩංගු නොවන නිසාත් පොටෑසියම් බහුල නිසාත්, අධ්යාතතියෙන් පෙළෙන අය වැඩි වශයෙන් රටඉදි අහරයට ගත යුතුයි. රටඉදි 5-6ක් තුල මැග්නීසියම් 80gක් පමණ අඩංගු වෙනවා. මැග්නීසියම් මගින් රුධිර වාහිනී විශාල කර රුධිර පරිවහනය වැඩි දියුණු කරනවා. මැග්නීසියම් 370g ට වඩා ගැනීමෙන් රුධිර පීඩනය අඩු වෙනවා.
8. ආඝාතය වළක්වයි.
පෙර සදහන් කළ පරිදිම, පොටෑසියම් ඉහල මට්ටමක පැවතීමෙන් ස්නායු පද්ධතිය වැඩි දියුණු වෙනවා. මේ නිසා ආඝාතය ඇති වීම වලක්වාගන්න පුළුවන්.
(පරිවර්තනය හෂී දිල්රූ)