කෝමාරිකා යුෂ, ඔබේ රූපය ආරක්ෂා කරන හැටි මෙන්න
17,701 Views
කෝමාරිකා කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ගෙදරක තියෙන පැල වර්ගයක්. මේ ලිපියෙන් කියවෙන්නේ කෝමාරිකා සතු වටිනා ඖෂධීය ගුණයන් අපට ප්‍රයෝජනවත්වන අයුරුයි.
01. හිරු එළියෙන් පිළිස්සුන සමට හොද ප්‍රතිකාරයක්
කෝමාරිකා යුෂ සම මත ආලේප කිරීමෙන්, හිරුකිරණෙන් ආරක්ෂා වන්නට සමට අවශ්‍ය වැස්මක් ලැබේ. ඒ වගේම සමේ තෙතමනයත් රදා පවත්වයි.
02. සමේ තෙතමනය පවත්වාගෙන යන්නට උපකාරී වේ
සම වියලි බවින් මුදා, සමට අවශ්‍ය තෙතමනය පවත්වාගෙන යන්නට මේ කෝමාරිකා යුෂ උදව් වේ.
03. සමේ ඇතිවන ආසාධන වලට හොද ප්‍රතිකාරයක් වේ
කෝමාරිකා යුෂ වල තිබෙන සුව කිරීමේ හා සිසිලස ගෙන දීමේ හැකියාවන් නිසා, සමේ ඇතිවන "දැවිල්ල", "බිබිලි" හා "කැසිල්ල" වැනි දෑ අවම කර ගැනීමට කෝමාරිකා උපකාරී වේ.
04. සම වයසට යාම අවම කරයි
කෝමාරිකා වල තිබෙන ඇන්ටි-ඔක්සිඩන්ට්, බෙටා කැරොටින්, විටමින් K නිසා, සමේ රැක දේ. එමගින්, සමේ අනවශ්‍ය රැලි වැටීම වලක්වයි. සම ඇදීම අවම කරයි.
05. ස්ට්රේච් මාර්ක්ස් අවම කරයි
ගර්භනී බව නිසා හෝ ක්ෂණික මහත් වීමක් හෝ කෙට්ටු වීමක් නිසා, සමේ ස්ට්රේච් මාර්ක්ස් ඇති වෙලා තියෙනවනම්, කෝමාරිකා යුෂ ආලේප කිරීමෙන් ඒ මාර්ක්ස් අවම කර ගන්න පුළුවන්.