ශ්‍රී ලංකාවේ තෙත් හා අතර මැදි කලාපවල ස්වභාවිකව බහුල වශයෙන් වගා වී ඇති වල්ලාපට්ටා ශාකය අපේ රටට ආවේනික වූවක් ලෙස සැලකේ. සමහර ගස් අවුරුදු ගණනාවක් පැරණි විශාල කඳන් සහිත ගස්වේ. මෙම ගස්වල අත්තක් බිඳී ස්වභාවිකව තුවාල වී ඒ තුලට ජලය කාන්දු වී ඇති වන “කුණ” නැත්නම් එහි තුල ඇති වන ලොව ඉතාම අගනා වටිනා සුවඳ ඇති මිල අධික සුවඳ විලවුන් නිපදවීමට ගන්නා “රෙසිනය හෙවත් අගාවුඩ් නිපදවයි මෙම රෙසිනය සොයා ගැනීම සඳහා ජාවාරම්කරුවන් මෙම ගස් කපා දමමින් මහා කැලෑ විනාශයක් කරන බව නිතර නිතර පුවත් පත් මගින් දකින්නට ලැබේ. ගස් සීයක් කැපූවත් එක ගසක හෝ දෙකක සුළු ප්‍රමාණයක් මෙම රෙසිනය තිබිය හැක. සමහර විට නොතිබෙන්නටද පුළුවන. ඉවක් බවක් නැතිව නොදන්නා කම නිසා කපා විනාශ කර දැමීමෙන් මෙම ශාකය වඳවී යැමට පුළුවන.
අපේ පැරන්නන් ගවයින් බැඳීමටද ලණු ඇඹරීම සඳහාද, අමුතු බාන, කොල ලණු හා වැට කඩුලු බැඳීමටද දැන් මෙන් තංගුස් පට නොව ගස්වල පට්ටා භාවිතා කරන ලදී. එවන් එක් ගසක් මෙම වල්ලා ගස වල්ලාපට්ටා වූයේ එයින් ලබා ගන්නා පට්ටා නිසා වෙනි.
“අගාමුඩ්” වලින් සුවඳ විලවුන්වලට අමතරව තෙල්, හඳුන්කූරු ඖෂධ වර්ග නිපදවයි. මීට අමතරව සුවඳ කාරක ද්‍රව්‍ය, රූපලාවණන්ය ද්‍රව්‍ය නිෂ්පාදනයට බහුලව යොදාගනී. යුරෝපා සහ අරාබි රටවලට මෙම අගාවුඩ් වලින් නිපදවන නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් ඇත. අරාබි රටවල වාසීන් තම ගෙදරට අමුත්තන් පැමිණ විට ආගාවුඩ්වලින් නිවසට සුවඳ දුම් ඇල්ලීම කරන්නේ ඒ අයට කරන ගෞරවයක් ලෙසිනි. බුදු පුදට අගාවුඩ්වලින් නිපදවන හඳුන්කූරු ලොව වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ චීනය සහ තායිලන්තයයි. වර්තමානයේ මෙම අගාවුඩ්වල ඇති වටිනාකම දෙස බැලීමේදී රත්රන් අභිභවා යන තත්ත්වයකට පත්ව ඇත. අගාවුඩ් තෙල් ලීටර් එකක් ඇමරිකන් ඩොලර් 50000 ක් වෙත බව කියවේ. මෙම තෙල් දියර රත්රන් ලෙසද හඳුන්වයි.
මෙම වගාව රට තුළ ව්‍යාප්ත කිරීමෙන් වගා කරුවන්ගේ අතමිට සරුකරගත හැකි අතර විශාල විදේශ විනිමයක් උපයා ගත හැක. අගාවුඩ් වර්ග ගණනාවක් ඇත. තෛමලයිසිඒ (ඔයහපැක්ජ්ae) කුලයට අයත් උද්භිද විද්‍යාත්මක ඇක්විලාරියා (aqමසක්රස්) නමින් හැඳින්වේ. ලංකාවේ ඇති ප්‍රභේදය ඇක්විලාරියා වල්ලා වේ. මීට අමතරව ඇක්විලානියා ක්රෙෂ්නා ඇක්විලානියා සබින්ටෙග්රා, ඇක්විලාරිය, බේල්ලොනිල් යනු කීපයකි. මෙම වගාව මෙරට තුල ව්‍යාප්ත කිරීම සඳහා සමාගම් කීපයක් ඉදිරිපත් වී ඇත. ඒ අතරින් සදාහරිත වැවිලි සමාගම විසින් අවුරුදු කීපයක් පර්යේෂණ මට්ටමින් වගා කර එය කළ හැකි බව තහවුරු කර ගෙන මෙරටට ගැලපෙන වර්ගයක් ලෙස ඇක්විලාරියා ක්ෂේනා වර්ග හඳුන්වාදී ඇත. වියට්නාමය කාම්බෝජය, තායිලන්තය, ලාඕසය වැනි රටවල වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත වී ඇත. මෙම වගාව මහාපරිමාණයෙන් හෝ ගෙවතු වගාවක් ලෙස ඉඩකඩ ඇති සැටියෙන් අපරට තුළ වගා කර ඉහළ ආදායමක් ලැබිය හැකි අතර අප රට වල්ලා පට්ටා සංහාරයද තරමක් දුරට හෝ පාලනය කළ හැක. මෙම ආර්ථික වැවිල්ල සඳහා ආසියාවේ විශාලතම අගාවුඩ් පැළ තවානද මෙම සමාගම මගින් ඉංගිරියේ පිහිටුවා ඇත. ලොව අගාවුඩ්වලට ඇති ඉල්ලුම අධික වී ඇත්තේ මෙම සුවඳට සමානව කෘතීමව අගාවුඩ් ආදේශකයක් මෙතෙක් නිපදවීමට නොහැකි වීමයි.
පහතරට තෙත් හා මැදරට තෙත් කලාප වගාවට වඩාත් සුදුසු වූවත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජල සම්පාදනය යටතේ වගා කළ හැක. සෙවනට ලැදි වාතයේ ආර්ද්‍රතාවය ප්‍රිය කරන ශාකයක් නිසා පොල් කෙසෙල් වැනි භෝග අතර වගා කිරීමෙන් වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි. මේ හැර වියළි කලාපීය ප්‍රදේශවල ජලසම්පාදනය යටතේ දැනටමත් මෙම සමාගම හරහා ගොවීන් විසින් වගා කර ඇත.
වගාවට භූමිය තෝරා ගැනීමේදී හොඳින් ජල වහනය වන, අධික මැටි, වැලි හා ලවන රහිත, ගල් බොරළු නැති සරු බිමක් තෝරා ගත යුතුය. භූමිය හොඳින් පස පෙරළා බිම සකස් කර අධික සෝදාපාලු ඇත්නම් ගල් වැටි වැනි සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රමයක් අනුගමනය කල යුතුය. පැල සිටුවීමේදී පැල දෙකක් අතර අඩි 10 ක පරතරයක්ද පේලි අතර අඩි 11 ක පරතරයක්ද සිටින සේ අඩි 1 1/2, 1 1/2, 1 1/2, වලවල් කපා මතුපිට පස් සමග කාබනික පොහොර කි. ග්රෑ 05 ක් පමණ මිශ්‍ර කර එක වලකට එකතු කළ යුතුය. මීට අමතරව නිල් කැට පොහොර හෝ දැවපොහොර මිශ්‍රණය එකතු කිරීම වගාවේ සාර්ථකත්වයට හේතුවේ පැල සිටුවා සුළගින් පැලවලට හානි සිදු විය හැකි බැවින් ආධාරක කොටු සිටුවා බැඳිය යුතුය. වියලි කාලවලදී ජල සම්පාදනය කිරීමෙන් වර්ධනය ඒකාකාරීව තබා ගත හැක. වල් පාලනය හොඳින් කළ යුතු අතර අඩු තරමින් පැල වටා අඩි 2-3 ක ප්‍රමාණයක් හොඳින් උදළු ගා වල් රහිතව තිබිය යුතුය. කෘමි හා පළිබෝධ හානි එතරම් නැති වූවත් කොල සහ කහ පැහැති කෘමීන් ඇත්නම් සුදුසු කෘමිනාශකයක් යෙදිය හැක. මනා ලෙස වර්ධනය වූ ගස සෘජුව හොඳ ශාඛා වියනක් සහිතව තිබිය යුතුය. කඳ මැදින් එන රිකිලි මව් ගසට ආසන්නයෙන්ම කපා ඉවත් කල යුතුය. අඩි 15 ක් පමණ උසට වැඩෙන අතර සශ්‍රික වගාවක් සඳහා අවුරුදු පතා කාබනික පොහොර හා නිල්කැට පොහොර හෝ දැව පොහොර යෙදිය යුතුය.
වගාවට අවුරුදු හයක් සම්පූර්ණ වූ විට පොළව මට්ටමේ සිට උස මීටර් 4 දී කඳෙහි වට ප්‍රමාණය සෙන්ටි මීටර් 45 දී ගස තුළ කෘතීමව අගාවුඩ් නිපදවීමේ රසායනිකය තාක්ෂණික මෙවලම් කට්ටලය මගින් විද්යානු කුලව ගසවිද ඇතුල් කරනු ලැබේ. මෙම උපකරණ කට්ටලය ණ්නසඑ (Cමකඑසඩ්ed aට්රඅදදා නසඑ) නමින් හැඳින්වේ. එම ක්‍රියාවලියේ එකම හිමිකරුවා වන්නේද සදාහරිත වැවිලි සමාගම වන අතර එහි තාක්ෂණික නිලධාරීන් මෙම කාර්යය ඉටු කර දෙනු ඇත. අවුරුදු 8 සම්පූර්ණ වන විට ගස තුළ අගාවුඩ් වර්ධනය වී ඇත.
ඒ ඇම්. සරත් චන්ද්‍රබණ්ඩාර (විශ්‍රාම ලත් කෘෂිකර්ම උපදේශ නාඋල)