අවුරුදු උත්සව ආසන්නයෙහි බොහෝ නෙත් යොමුවන දවුල් කුරුඳු ශාකය අවුරුදු මේසය අලංකාර කරන ආස්මී හැදීමට යොදා ගනු ලබන්නක්. එසේ ම ඔසු ගුණවලින්ද යුක්තවූවක්. එය පහතරට තෙත් කලාපයේ, බහුලව දක්නට ලැබෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයක්. කොළ දිගටියි. නම්‍යශීලි රන්වන් ළපටිකොළ රිදී, පැහැති සියුම් බූවකින් යුක්තයි. ලා කහ සහ කොළ පාට මිශ්‍ර මල් පොකුරු පිපෙනවා. ඉන් හැදෙන, ගෙඩි ඉදුණුවිට තද දම් පැහැයක් ගන්නවා. කුඩ දවුලා, වල් කුරුඳු ලෙසින් ද හදුන්වනු ලබන ශාකය, Lauraceae කුලයට අයත් වන්නක්.
අළුත් අවුරුද්දේ කෑම මේසය සඳගා මුලින්ම සකස් කෙරෙන්නේ ආස්මීයි. ඒ සඳහා අවශ්‍ය වන පිටි මිශ්‍රණයට දවුල් කුරුඳු කොළ පොඩිකර එහි සෙවල යුෂ ගෙන නානු සකසා ගත යුතුවනවා. ඊට පොල් කිරි හා පිටි ම්ශ්රකොට පදම සකසා ආස්මි බැද ගන්නා අතර කෑම මේසයට යැවෙන්නේ පසු දිනක දෙවන වරට බැද ඒවා මත උකු පැණියෙන් රටා ඇඳීමෙන් පසුවයි.
ඔසු ගුණැති දවුල් කුරුඳු ශාකයේ කොළ පොතු මෙන්ම ඇට ද රෝග ඖෂධ සදහා යොදාගන්නවා. ශාකයේ ඇට යොදාගෙන සිඳිනු ලබන තෙල් හොරි දද ආදි චර්ම රෝගවල දී බාහිරව සමේ ගැල්වීම සඳහා යොදා ගනු ලබනවා.
අස්ථි භග්නවලට ප්‍රතිකාර කිරීමට ගසේ පොත්ත ප්‍රයෝජනවත් .වෙනවා. දවුල් කුරුදු පොතු අඹ පොතු මී ඇට සමග අඹරා ඇඹුල් දොඩම් යුෂෙන් කකාරා භග්න ස්ථානවල සුවය සඳහා ගල්වනු ලබනවා. පොතුවලින් සකසනු ලබන චූර්ණය කාන්තා රෝග පාලනයට යොදාගන්නවා.
දවුල් කුරුඳු කොළ කොලෙස්ටරෝල් අධි රුධිර පිඩනය වැනි තෙල් අහිතකර වන රෝග තත්ත්වයන් අවම කර ගැන්මටට වක්‍ර ලෙස දායක වන බව ජයවර්ධන පුර සරසවියේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශය කළ පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා. ගැඹුරු තෙලේ බදින ආහාර දවුල් කුරුඳු නානුවල දවටා බැදීමෙන් ආහාරවලට උරාගන්නා තෙල් ප්‍රමාණය 30% කින් අවම කරගතහැකි බව එම පර්යේෂණයෙන් අනාවරණය වුණා.
තෙල් ආහාර වලින් වර්ධනය වියහැකි රෝග පාලනය, මෙන්ම බදින ලද ආහාර වැඩිකල් මුඩු නොවී තබාගැන්මේ හැකියාවද,ආහාරය වඩා රසවත් වීම ද, මෙසේ බැදීමෙන් ඇතිවන වාසි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. දවුල් කුරුඳු කොළ සෝදා හොඳින් පොඩිකර අවශ්‍ය ප්‍රමාණයට ජලය එක්කර පෙරා ගැන්මෙන් නානු දවටනය, සකසාගත හැකියි.
(දවුල් කුරුඳු සොයාගත,නොහැකි අයට බන්ඩක්කා සිහින්ව කපා පොඩිකර එම සෙවල සාරුව දවටනයක් සේ යොදා ගැන්මට ද හැකියි) ඉන් ඔතා සකසාගත් මාළු මස් රෝල්ස් ආදි ඕනෑම ආහාරයක්, තෙල් හොඳින් රත්කර ගැන්මෙන් පසු, තෙල් උරාගැන්ම අවමවන සේ බැද ගත හැකියි.
ලිපිය සැකසුම Indrakumari Rathnayake
(මූලාශ්‍ර හා සේයා රූ- අපේ ඔසුපැළ හා අන්තර්ජාලය ඇසුරිනි)