පෝෂණ ගුණයෙන් අනූන වට්ටක්කා වලින් හදන්න පුළුවන් රසවත් කෑම වර්ග කිහිපයක්
666 Views
වට්ටක්කා පෝෂ්‍ය ගුණයෙනුත් ඉතා ඉහළය. මේවා ප්‍රතිඔක්සිකාරක හා විටමින්වලින් පොහොසත් ය.අඩු කැලරි අගයක් ඇත. සාමාන්‍යයෙන් පිසින හෝ තම්බන ලද වට්ටක්කා අඬු කෝප්පයක ප්‍රමාණයක ප්‍රෝටීන ග්‍රෑම් 1.76 ක් ද, තන්තු ග්‍රෑම් 2.7 ක් ද, මේදය ග්‍රෑම් 0.17 ක් ද, ග්‍රෑම් 12.01 ක් ද අන්තර්ගත වේ. මෙහි අඩංගු වන්නේ කැලරි 49ක ශක්තියක් පමණි.
මීට අමතරව වට්ටක්කා අඬු කෝප්පයක, දෛනික නිර්දේශිත අගය මෙන් දෙගුණයක් විටමින් A ද, 90% ක් විටමින් C ද අන්තර්ගත වේ. මීට අමතරව සැලකිය යුතු මට්ටමකින් විටමින් E, රයිබොෆ්ලෙවින්, තයමින්, විටමින් B 6, ෆෝලේට, පැන්ටොතෙනික් අම්ලය හා නියැසීන් යන විටමින් ද, පොටෑසියම්, තඹ, මැංගනීස්, යකඩ, මැග්නීසියම්, ඇලුමිනියම් හා පොස්ෆරස් යන ඛණිජ ලවණ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වේ.
ශරීරයේ බර අඩු කර ගැනීම
වට්ටක්කා, කෙඳි බහුල ආහාරයකි. මේ නිසා, අනෙකුත් ආහාරවලට වඩා එහි ජීර්ණ ක්‍රියාවලිය සිදු වන්නේ සෙමිනි. එබැවින්, මේවා ආහාර මාර්ගයෙහි වැඩි වේලාවක් රැඳී පැවත, කුසගින්න ඇතිවීම අවම කරයි. එසේ ම, වට්ටක්කා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට දායක කරන නිසා, ශරීර බර අඩු කර ගැනීමට වෙහෙසෙන අයට ඉතා සුදුසු ආහාරයකි.
ඇස් පෙනීම වර්ධනය කරයි
වට්ටකාවල තැඹිලි පැහැයට හුරු කහ පැහැය ලබා දෙන්නේ, එහි අඩංගු බීටා කැරොටින නිසා ය. මේවා ශරීරගත වූ විට, විටමින් A නිපදවේ. විටමින් A මිනිස් ඇසෙහි දෘෂ්ඨි විතානයේ පැවැත්මට ඉතා වැදගත් සංඝටකයකි. වට්ටක්කා කෝප්පයක් ආහාරයට ගැනීමෙන්, ශරීරය තුළ දෛනික නිර්දේශිත අගය මෙන් දෙගුණයක විටමින් A නිපදවිය හැකි ය. වට්ටක්කාවල අඩංගු ලුටෙලින් හා සියාසැන්තීන් යන ප්‍රතිඔක්සිකාරක මඟින්, ඇසෙහි සුද ඇතිවීම අතුළු අක්ෂි රෝග කිහිපයක්ම ඇතිවීම වළක්වයි.
ප්‍රතිශක්තිය වර්ධනය කිරීම
වට්ටක්කාවල අඩංගු බීටා කැරොටීන , ශරීරය තුළ දී සංස්ලේෂණය වන විටමින් A, ශරීරයට වැළඳෙන විවිධ ආසාදන, වෛරස හා බැක්ටීරියා මඟින් වැළඳෙන රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදවු කරයි. මේවායේ යහමින් අඩංගු විටමින් C, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධවලට සහනය ගෙන දෙයි.
සමෙහි තරුණ බව රැක ගැනීමට
වට්ටක්කාවල ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගු බීටා කැරොටීන, හිරුගෙන් වැටෙන පාරජම්බුල කිරණ මඟින් සමට වන හානිය අවම කරයි. මේ නිසා, සම රැළි වැටීම අවම වී, තරුණ බව රැකේ. එවිට වට්ටක්කා නිතරම පාහේ ආහාරයට ගන්නා අයවලුන්ගේ සමෙහි දීප්තිමත්භාවය හා සුසිනිදුකම මෙන් ම, තෙතමනය ද යහමින් ඇත. ඒ හේතුවෙන්, තරුණ පෙනුම රැකේ.
පිළිකා අවදානම අඩු කරයි
වට්ටක්කාවල අඩංගු බීටා කැරොටින, කිහිප ආකාරයකින්ම මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කිරීමෙහි ලා උපකාරී වේ. ඇසේ නිරෝගී භාවය, සමෙහි තාරුණ බව රකින බීටා කැරොටින, ඉන් නොනැවතී පිළිකා ඇති වීමේ අවදානම පහත හෙළයි. විශේෂයෙන්ම වට්ටක්කාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක, මුක්තඛණ්ඩක භක්ෂණය කර උදාසීන කිරීම නිසා, පිළිකාවලට මුල් වන සෛල ඇති වීමේ අවදානම පහත හෙළයි.
දියවැඩියාව පාලනය
ඉතාම මෑතක දී කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල අධ්‍යයනයෙන්, වට්ටක්කා ආහාරයට ගැනීමෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු විය හැකි බවට විද්‍යාඥයන් මත පළ කර ඇත. දැනට හඳුනාගෙන ඇති පරිදි, වට්ටක්කා මඟින් ශරීරයේ ඉන්සියුලින් නිපදවීම කාර්යයක්ෂම කරන බවට පැවසෙන නමුත්, එය තවමත් පර්යේෂණාත්මකව සොයාගෙන නැත. කෙසේ වුව ද, දියවැඩියා රෝගීන්ට වට්ටක්කා ආහාරයට ගැනීමෙන්, ඇති වන අපහසුතා අවම වේ
වට්ටක්කා තෝරා ගනිද්දි හොදම වටිටක්කා තෝරාගන්න.මම වටිටක්කා ගනිද්දි නිතරම ගන්නේ පිට පොත්ත කොල පාටට හුරැ වටිටක්කා සහ.මදය තද කහ පාටට හුරැ ඒවගෙන් ඒවගේ පිටි ගතිය වැඩි.ලංකාව ඝර්මකාලාපීය රටක් නිසා නිතරම අපට හොද වටිටක්කා හොයා ගන්න පුලුවන් .ඒවගේම.වට්ටක්කා වගේ පොත්ත පිටින් පිසින කෑම හදද්දිම නියමිත ප්‍රමානයට අවශ්‍ය තුන පහ වර්ග විෙංශ්ෂයෙන්ම කහ දැමිය යුතුයි කෑම වර්ගවලට,බොරුවට හැන්ද වන්නේ නැතිව අවශ්‍ය ප්‍රමානයට කහ දාන්න කහ කියන්නේ ශරිරයේ විෂ නාසකයක්.මම මගේ හැම කෑමකටම අවශ්‍ය තරමට කහ පාවිච්චි කරනවා
වට්ටක්කා කේක්
තෙල් කෝප්පයක් බටර් ගන්න පුළුවන් (ඔලිව ඔයිල් දැම්මේ මම), කුඩු කරගත් සීනි කෝප්ප 2 2/3 හකුරු ග්‍රේට් කරලා දාන්න පුලුවන්, ලොකු බිත්තර හතරක්, වට්ටක්කා පිටි කෝප්ප 11/2 ක් ( නැත්තම් අවුන්ස 7 1/2ක් ) (වට්ටක්කා පුරේ නෙවේ), ෆ්‍රෙෂ් මිලක් කෝප්ප 2/3, බ්ලීච් නොකරන ලද ආමන්ඩ් පිටි හෝ පොල් පිටි කෝප්ප 11/3, බේකිං පව්ඩර් තේ හැදි 1/2, බේකිං සෝඩා තේ හැදි 1, ලුණු තේ හදි1 1/2, සාදික්කා තේ හැදි 1, වැනිලා එසන්ස් තේ හැදි 1, චොප් කරගත් වොල්නට් හෝ රටකජු කෝප්ප 1
සාදන ආකාරය :
බේකින් ට්‍රේ දෙකක ලාවට තෙල් අතුරගන්න. ලොකු බෝල් එකක සීනි, තෙල් බිත්තර , දමා බිට් කරන්න. ඉන්පසු වට්ටක්කා පිටි ආමන්ඩ් පිටි බේකිං පව්ඩර්, බේකිං සෝඩා, ලුණු, සාදික්කා සහ වැනිලා දමා හොදින් කලවම් කරන්න. අන්තිමට කිරි එකතු කරන්න චිප්ස් සහ නට්ස් යොදා ගන්නවනම් ඒවාද එකතු කරන්න. දැන් බැටර් එක ලෑස්ති කරගත් ට්‍රේ වලට හැන්දකින් දමා ගන්න. 180 c රත් උන උදුනක මිනිත්තු 40, 45 බේක් කරගන්න. කේක් ටෙස්ටර් එකක් හෝ ටූත්පික් එකකින් අනින්න එතකොට බේක් වෙලා ඇතිද කියල බලාගන්න පුලුවන්.
වෙලාව මදි කම නිසා ගොඩාක් වෙලාවට අපිට පිටි අබරලා තොස දාන්න අමාරුයි අන්න එ අයට හොදම විසදුමක් පැයයි ගියෙ මෙ තොස ටික හදන්න. උලුඳු පිටි වට්ටක්කා පිටි දාලා හැදුවේ රසයි..
එහෙනම් හදමු
උලුඳු පිටි කප් 3 ක්, වට්ටක්කා පපිටි කප් 1 1/2, උලු හාල් ටිකක්, ඉස්ට් තේ හැදි 1/2, අවශ්‍ය ප්‍රමානයට පොල් කිරි, ලුනු තේ හැන්දක්, පෙගෙන්න දාපු උලුහාල් ටික අබරලා පිටි වලට එකතු කරන්න. සියල්ලම පොල් කිරි ටිකක් දමා අනා ගන්න වසා තියන්න පැයකට පසු අවශ්‍ය පොල්කිරි ප්‍රමානය දමා තොස මිශ්‍රනය හදා ගන තොස සාදා ගන්න. හරිම ලෙසි වගෙම රසයි
අම්මා තොස කන්න හදන රසම රස පොල් චට්නි, ඔන්න එහෙනම් පොල් චට්නි හදමු..
සුදුලුනු බික් 7ක්, ලුණු බැයක්, අමුමිරිස් කරල් 3 ක්, කැලි මිරිස්, ටිකක් සුදුරු තෙ හැන්දක්, ගා ගත් පොඩි පොල් ගෙඩියක්, අබ ඇට ටිකක්, රම්පා කරපිංචා ටිකක්, කහ ටිකක් රස, අනුව ලුනු
මුලින්ම අමුමිරිස් ලුනු සුදුලුනු සුදුරු කරපිංචා කහ ලුනු ටිකක් වතුර මෙස හැන්දක් දමා අබර ගන්න එය පොල් සහ වතුර ටිකක් දමා අබර ගන්න..බාජනයක් ලිප තබා එයට තේ ල් ටිකක් දමා අබ දමන්න කරපින්චා රම්පා කැලි මිරිස් දමා විනාඩියක් බදින්න පසුව පොල් මිශ්‍රනය දමා ඉස්ම සියල්ලම හිදෙන්න හැර ලුනු දමා බාන්න ..මන් අමු මිරිස් ගොඩාක් දැම්ම නිසා කැලි මිරිස් ටිකයි දැම්මේ ඔයාලාත් කැමති විදිහට හදාගන්න. මට පොල් හොයාගන්න අමාරු උන නිසා ඩෙසිකට් පොල් වලින් හැදුවේ මුලින්ම ඩෙසිකට් පොල් උනුවතුර ටිකක් දාලා තියන්න පසුව පිටි කල පොල්කිරි මෙස හැන්දක් දමා මුලින් ලියපු විදිහට චට්නි එක හදා ගත්තා හරිම රසයි
මේ ලිපිය ටයිප් කර ගැනීමට උදව් වූ AkShini ට මගේ ස්තුතිය AkShini Perera