හවසට උණු උණුවෙම කන්න රසම රස පාන්පිටි වඩේ හදමුද? හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේ. මේ රෙසිපි එක මමම හිතලා නිර්මාණය කර ගත්තු එකක්. පාන්පිටි වඩේ හදලා කන්න ආස හිතුනත් ගොඩක් රෙසිපි වල කමෙන්ට්ස් තිබුනා ගල් වගේ හයියයි කියලා.. සමහර රෙසිපි තිබුනා නිවුනම සොෆ්ට් වෙන බව කියලා. මේ රෙසපි එකට හැදුවම නම් ඔන්න බැදපු ගමන්ම කන්න පුළුවන්.. හරිම සොෆ්ට් වඩේ ටික..
අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි 300g, යීස්ට් තේහැඳි 01, සීනි තේහැඳි 01, මද උණුසුම් වතුර මේස හැඳි 03, බේකින් පවුඩර් තේහැඳි බාගයයි, යොදය සහිත කිරිපිටි මේස හැඳි 01, පොල්තෙල් මේස හැඳි 01, රස අනුව ලුණු, සිහින්ව කපා ගත් ලොකු ළුෑණු, කරපිංචා මහ අමුමිරිස් ටිකක්.
සාදන ක්‍රමය
මද උණුසුම් වතුර ටිකට යීස්ට් හා සීනි දමා වසා විනාඩි දහයක් පමණ තබන්න. එතකොට යීස්ට් ටික හොඳට පිපිලා එනවා. පාන්පිටි ටිකට ලුණුකුඩු, කිරිපිටි, බේකින් පවුඩර්, කපා ගත් අමුමිරිස්, කරපිංචා, ළුෑණු ටික, තෙල් සහ යීස්ට් මිශ්‍රණය දමා හොඳින් කලවම් කරන්න. සාමාන්‍ය වතුර ටික ටික දමමින් අනා ගෙන පිටි මිශ්‍රණය සාදාගෙන වසා පැය දෙකක් තබන්න. පිටි මිශ්‍රණය රොටී වලට වඩා දියාරු විය යුතුයි. පාප්ප මෙන් ඇලෙන සුළුයි.
දැන් තෙල් තාච්චිය ලිපේ තබලා රත් වන විට අතේ වතුර ගාගනිමින් පිටි බෝල කඩා ගෙන අත්ල මත තබා තුනී කර මැද හිල සාදා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න. ගින්දර පාලනය කර බැදීමෙන් වඩේ ටික ලස්සන පාටට තියේවි. උණු උණුවෙම වඩේ දෙකට කපා මැදට ලුණු මිරිස් ගා රස බලන්න..
ශානි නදීෂා රණසිංහ
(උපුටාගැනීම My Kitchen පිටුවෙනි)