කරවිල මතක් කරද්දිත් කටට තිත්ත රහක් දැනුණද? කලබල වෙන්න එපා. මේ අච්චාරුව ඒ තරම් තිත්ත රහ එකක් නෙවෙයි. හැබැයි කරවිලවල තියෙන ඖෂධීය ගුණය රැඳිලා තියෙන්නෙ ඒ තිත්ත රසය තුළම බවත් අමතක කරන්න එපා. ලේ වල විස නසන, ලේ පිරිසුදු කරන කරවිල දියවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. ඉතින් එච්චර ගුණ කරවිලවලින් අද අපි අච්චාරුවක් හදලා බලමු. කරවිල තිත්ත නිසා ගොඩක් අය කන්න කැමති නැහැ. හැබැයි මෙන්න මේ විදිහට නම් කවුරුත් කන්න කැමති වේවි. මේක හදන්න යන්නේ විනාඩි 25 ක විතර කාලයක්. හැබැයි 20 දෙනෙකුට විතර කන්න පුළුවන් මේ ප්‍රමාණයට කළමනා ගත්තහම. ඊට වැඩිය ඕන නම් කළමනාවල ප්‍රමාණය ටිකක් වැඩිකර ගන්නයි තියෙන්නේ.
මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය – කරවිල ගෙඩි 4ක්, වියලි මිරිස් අවුන්ස 1/2 (ග්‍රෑම් 14 පමණ), සුදු ළූණු අවුන්ස 1/4 (ග්‍රෑම් 07 පමණ), අබ අවුන්ස 1/4 (ග්‍රෑම් 07 පමණ), අමු ඉගුරු අවුන්ස 1/2 (ග්‍රෑම් 14 පමණ), විනාකිරි අවුන්ස 1/4 (ග්‍රෑම් 07 පමණ), පොල්තෙල්, ලුණු.
සාදා ගන්නා ආකාරය
කරවිලවල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න. එලෙස කපා ගත් කරවිල පෙති විනාකිරෙන් ලිප මත තබා තැම්බෙන්නට හැර පොල්තෙලෙන් රන්වන් පාට වනතුරු බැද ගන්න. වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස 1/4, අබ අවුන්ස 1/4, අමු ඉගුරු අවුන්ස 1/2, විනාකිරෙන් අඹරන්න. ඒවා උකු ගතියෙන් වැඩිනම් ඉතිරි විනාකිරිවලින් ඒ ද්‍රව්‍ය එක්කොට මදක් දියකර ගන්න. පළමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිලවලට මෙම මිශ්‍රණය එක්කොට හොදින් කලවම් කර ගන්න. අවශ්‍ය පමණ ලුණු යොදන්න. ඔබට අවශ්‍ය පමණට යොදා ගන්නා ද්‍රව්‍යයන් අඩු වැඩි කර ගන්න. පවුලේ අයත් සමග රස විදින්න. කිහිප දවසක් වුවත් තබා ගෙන ආහාරයට ගත හැකි ය. ඔබගේ කෑම වේලට අලුත්ම රසයක් එකතු කරාවි.
(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)