වෙරළු අච්චාරු කිවුවම අපි කවුරුත් කන්න කැමති කෑමක් නේ. ගොඩක් වෙලාවට ගමනක් යද්දී පාරේ අයිනේ විකුණන්න තියෙනවා. ඒත් ඒ රසයට වැඩි රසයකින් පිරිසිදුවට ගෙදරදීම වෙරළු අච්චාරු හදන්න පුළුන් හරිම විදියක් තමයි අපි මේ කියන්න යන්නේ. වෙරළු කියන්නෙ හොඳ ඖෂධයක්. ටිකක් විතර ඇඹුල් වුනත් ඉතා රසවත් පළතුරක්.
අවශ්‍ය ද්රව්යෙ – වෙරළු ග්‍රෑම් 500 ක්, විනාකිරි අඬු කෝප්ප 1/2 ක්, සීනි තේ හැඳි 2 ක්, කහ කුඩු තේ හැඳි 1/8 ක්, ලුණු රස පදමට, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්, විනාකිරෙන් අඹරා ගත් අබ අඬු කෝප්ප 1/4 ක්.
සාදා ගන්නා ආකාරය
වෙරළු සෝදා හොඳින් පිරිසිදු කර ගෙන විනාඩි 15ක් පමණ අඩු ගින්දරේ තම්බා ගන්න. පසුව හොඳින් වතුර පෙරා ගන්න. ඇළුමිනියම් නොවන බඳුනකට අනෙක් සියල්ල දමා කලවම් කර එයට වෙරළු දමා කලවම් කර ගන්න. දවසක් පමණ වසා තබා ආහාරයට ගන්න.