ගොඩක් අය පාන් කිවුවම කන්න කැමති කෑමක් නේ. ඉතින් හැමදාම එකම විදියට පාන් කන එකේ පාන් වෙන විදියකට අළුත් විදියකට හදලා කෑවොත් කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ කොහොමද පාන් වලින් බ්‍රෙඩ් කැසරෝල් එකක් හදාගන්නේ කියලා. බ්‍රෙඩ් කැසරෝල්, කෙටි ආහාරයකට වගේම ඔබේ සිඟිත්තාගේ පාසලට, පෙර පාසලට, වගේම වෙනත් විශේෂ අවස්ථා සඳහාත් යොදා ගන්න පුළුවන්.
මෙන්න සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය – පාන් බාගයක්, සොසේජස් කරල් 4ක්, ළුෑණු ගෙඩියක්, මාළු මිරිස් කරලක්, තක්කාලි ගෙඩියක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, බිත්තර 3ක්.
සාදා ගන්නා ආකාරය
භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් එකතු කරන්න. පොඩියට කපාගත් සොසේජස් එයට බැදෙන්න දමන්න. සොසේජස් බැදුණු පසු එයටම කපා ගත් ළුෑණු, මාළු මිරිස්, තක්කාලි, ගම්මිරිස් කුඩු, ලුණු එකතු කර කලවම් කරගන්න. පොඩිවට කපාගත් පාන් කැබලි ද එයට එකතු කරන්න.
අවශ්‍ය නම් තම්බා බැදගත් හතු වර්ගයක් හෝ මස් වර්ගයක් මෙයට එකතු කරගන්නත් පුළුවන්. සාදා ගත් මිශ්‍රණය බටර් ගාගත් තැටියක දමා තුනී කර ගන්න. එයට උඩින් ගසාගත් බිත්තර වත්කරන්න. දැන් මෙය සෙල්සියස් අංශක 180 ක ප්‍රමාණයට රත් කරගත් උඳුනක විනාඩි 20 – 30 ක් බේක් කරන්න.