එකල හෙලයන් ආහාරයට එක්කරගත් ධාන්‍යය අතරින් මුං බොහෝම ඉහල තැනක් හිමිවුනා එයට හේතුව මෙහි මිහිරි රසය සහ සුවිශේෂී ගුණයයි. එකල හේන් ගොවිතැනේදී වගා කිරීමට බොහෝ දෙනෙකු කැමතිවූ වගාවක් විය මුං. මුං වගාකලේ සිටුවීමෙන් නම් නොවේ පදුරුකපා පදුරු කැපූ මුලක් ආසන්නයට ගොඩගසා (මැලයක් ගසා) පුළුස්සා පසුව කුඩා වල් ඉවත්කොට වැස්සෙන් පසු මුං කේෂ්ත්රරයේ ඉස මුං බීජ් පස්වලින් සුළු ලෙස වැසෙන්නට පස සුළු වශයෙන් පෙරලෙන ආකාරයෙන් උදැල්ලෙන් කොටා පසුව වැසි සමයෙ පැලවී පැසී වියලීමේදී කඩා කමතක ගොඩගසා කකුලෙන් පාගා හෝ පොල්ලකින් තලා ඇට වෙන්කර ගත්තේය.
දැනට ඇති බොහෝ බෝග සදහා පස පෙරලීමෙන් පසේ මතුපිට ඇති පස යටවන අතර එය බොහෝ දුරට ශාකයට ලැබෙන්නේ ඊලග කන්නයේදීයි නමුත් මේ පැරණි හෙළ ගොවිතැනේ එසේ නොවෙ මේ බෝග අගල් 4ක් පමණයි යටට මුල් බසිනුයේ පහසුවෙන්ම මතුපිට ස්තරයේ ඇති කාබනික ශාක උරාගැනීම සිදුවේ රනිල කුලයේ බෝග නිරන්තරයෙන් පසට අවැසි සංඝටකද සැපයුවා
මුං යොදා සකසන ආහාර
පැල මුං – හොද්ද , මැල්ලුම , තෙම්පරාදුව, සම්බෝලය, මුං පියලි හොද්ද, මුං ඇට හොද්ද, මුං කිරිබත්, මුං කැවුම්, මුං අළුවා
පැල මුං හොද්ද සාදන ආකාරය
ඔබට සෑහෙන ප්‍රමාණයට මුං ඇට රැගෙන සොදා දියේ දමා තබන්න පසුදින මේ මුං බීජ අංකුර ඇදී තිබෙනවා දැක ගැනිමට හැකී දියෙන් ගෙන සෝදා තුනපහ ,ගම්මිරිස් කහ ලුණු, කවලම්කොට අතගා තබා භාජනයක් ගෙන ලිප තබා තෙල් දමා තෙල් රත් වූ පසු රතු ළූණු ,කොච්චි , සුදු ළූණු කරපිංචා අබ ස්වල්පයක් සමග මෙය තෙම්පරාදුකොට පසුව මිටිකිරි පමණට දමා තැම්බූ පසු ලිපෙන්බා ආහාරයට සූදානම් කරගන්න
ගුණ
ශරීරය සිසිල් කරන අතර කුඩා දරුවන්ගේ මොලේ වර්ධනයට අවැසි බොහෝ ගුණාංග මෙහි අන්තර්ගතයි ,ගැබිනි මවුවරුන්ට සුවිශේෂී ආහාරක් ලෙසයි සැලකෙන්නේ ,ආමාශගතරෝග සදහාද සුව ගෙනේ සමේ පැහැපත් බවටද බොහෝ උපකාරීවේ සමේ ලප කැලැල් මැකිමේ හැකියාවක් ඇත මුං වල
අද වෙලද පොලේ බහුලව ඇත්තේ පිටරටින් ගෙන්වන කවුපි මුං වීම දුකට කරුනක් උවත් බොහෝදෙනෙක් කන පරිප්පු සමග සැසදීමේදී අහසයි පොලොවයි මෙන් මෙහි ගුණය බොහෝසෙයින් වැඩී මන්ද අපට ලැබෙනා පරිප්පු වසර ගනනින් පැරණි ඒවා සහ වැස්සටද හසුවී නැවත වියලූ සහ ගුල්ලන් කෑම වැලකීමට සහ වගාවේදී අධික ලෙස රසයනිකයන් යොදා සැකසූ ඒවාවීම විශේෂයෙන් කිව යුතුමයි අපේ දරුවන්ගේ මොලේ වර්ධනය සීඝ්රයෙන් අඩුවීමටද මෙ නොහොබිනා පරීප්පු නිරන්තරයෙන් ආහාරයට එක්වීම බලපා ඇත
අපේ ගොවියන් පුරුදුවී ඇත්තේ පලාතේ වැවෙනාදේ වැවීම වෙනුවට මෙරටේ වවන්නටද අපහසු අරුමෝසම් බෝග වගාකොට ඒවාට නන්නත්තාර රෝග සදහා අධිවිශ රසායනික යෙදීමටත් පලදාව අඩුහි කියා ඒවාට තවත් රසායනික යෙදීමටත් ගොස් රසායනික සමාගම් පෝෂණය කොට තමන් දුගී වී ලෙඩවී රටපුරා හිගාකැමටයි. නැවතත් මේරට හෙල බීජ යොදාගනිමින් හෙළ බෝගයෙන් පුරවමු ආහාර සදහා මෙරටින් පිට රැටියන්ට ගලායන මුදල් ඉතිරිකරමු
නිරන්තරයෙන් හෙළයන්ගේ නීරෝගීබව වෙනුවෙන් වෙහෙසෙන මා හේනේ පැලේ අප්පුහාමි.
සැමට තෙරුවන්සරණයි …!