නාසි ගුරන් රයිස් කියන්නේ අපි හැමෝම වගේ කන්න කැමති කෑමක් නේ. ගොඩක් වෙලාවට රෑ කෑමට ගොඩක් අය එළියට යනවා කඩෙන් කෑම ගන්න. ඉතින් ඔන්න අද අපි කියන්න යන්නේ ගෙදරදීම කොහොමද ඉන්දුනීසියන් ක්‍රමයට නාසි ගුරන් රයිස් එකක් හදාගන්න හැටි. කඩෙන් කෑම ගන්නවට වඩා ගෙදරදීම හදලා රස බලන්න. ගොඩක් රසවත් වේවි.
ඉන්දුනීසියන් ක්‍රමයට ඉතා රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් ඔයාගෙ ගෙදරදිම හදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය – බාස්මති රයිස් (පිස නොගත්) අඬු කෝප්ප 2 ක්, බිත්තර 2 ක්, තල තෙල් තේ හැඳි 2 ක්, ලුණු තේ හැඳි 1/2 ක්, කටු හා සම රහිත කුකුල් මස් ගාත් (අඟල් 1/2 තීරු ලෙස කපා ගත්) 8 ක්, අමු ඉස්සන් (පිරිසිදු කර ගත්) 6 ක්, එළවළු තෙල් මේස හැඳි 2ක්, සුදු ළූණු (කුඩාවට කපා ගත්) මේස හැඳි 2 ක්, ලොකු ළූණු (කුඩාවට කපා ගත් මධ්‍යම ප්‍රමාණයේ) ගෙඩි 1 ක්, ඉඟුරු අල (කුඩාවට කපා ගත්) තේ හැඳි 2 ක්, වියළි, ඉස්සන් පේස්ට් මේස හැඳි 1 ක්, ගම්මිරිස් තේ හැඳි 1/2 ක්, චිලි සෝස් මේස හැඳි 1 ක්, ඔයිස්ටර් සෝස් මේස හැඳි 1 ක්, සෝයා සෝස් මේස හැඳි 1 ක්.
සැරසීමට අවශ්‍ය ද්‍රව්‍ය – ළූණු ගස් (සිහින්ව කපාගත්) මේස හැඳි 3 ක්, කොත්තමල්ලි කොළ (කපාගත්) අඬු කෝප්ප 1/2 ක්.
සාදා ගන්නා ආකාරය
පළමුව බාස්මතී හාල් සෝදා අවශ්‍ය පමණට වතුර තබා ලුණු ස්වල්පයක් දමා බත පිසගන්න. පිසගත් බත වියළි තැටියකට දමා විසිරෙන්නට තබා නිවාගන්න. මෙය පැය 2 කට පෙර සාදා තබන්න. නැතිනම් පෙර දිනයේ රාත්‍රියේ සාදා ශීතකරණයේ තබන්න. බිත්තර, තල තෙල්, ලුණු එකට දමා පසෙකින් තබන්න. සුදුසු භාජනයක් ගෙන ලිප තබා හොඳින් රත්කරගෙන එළවළු තෙල් දමා හොඳින් රත් වූ පසු එයට ළූණු, ඉඟුරු, ඉස්සන් පේස්ට්, සුදු ළූණු, ගම්මිරිස් එකතු කර තෙම්පරාදු කරගන්න. එය තෙම්පරාදු වන අතරතුර ඉස්සන් පේස්ට් එකක් ආකාරයට හොඳින් පොඩිකර ගන්න. කුකුල් මස් හා ඉස්සන් දමා විනාඩි 2 ක් පමණ තෙම්පරාදු වන්නට තබා පසුව කලින් පිසගත් බත් එයට උඩින් දමා නැවතත් කලවම් කරගන්න. දැන් එයට චිලි සෝස්, ඔයිස්ටර් සෝස් හා සෝයා සෝස් එකතු කර නැවතත් කලවම් කරන්න. අවසානයට බිත්තර මිශ්‍රණය එකතු කර හොඳින් කූරු ගාමින් මිශ්‍රකර ගන්න. ඕම්ලට් 2 ක් සාදා එය තීරු ආකාරයට කපාගන්න. දැන් සාදා ගත් බත පිඟානක් මතට දමා ළූණු ගස්, කොත්තමල්ලි කොළ සහ කපා ගත් බිත්තර තීරුවලින් සරසා පිළිගන්වන්න.