පැස්ටා කියන්නේ අපි හැමෝම වගේ කන්න කැමති කෑමක් නේ. ඉතින් ඔන්න අද අපි කියන්න යන්නේ ගෙදරදීම කොහොමද ඉතාලි ක්‍රමයට පැස්ටා එකක් හදාගන්න හැටි. කඩෙන් කෑම ගන්නවට වඩා ගෙදරදීම හදලා රස බලන්න. ගොඩක් රසවත් වේවි.
ලොකු කුඩා අපි හැමෝම කැමතියි පැස්ටා, මැකරෝනි, නූඩ්ල්ස් කන්න. මාළු මස් සහ සෝස් වර්ග එකතු කිරීමෙන් ඒවායේ රස තව තවත් වැඩි වෙනවා. ඉතින් ඉතාලියේ පැස්ටා, මැකරෝනි රසට ප්‍රිය කරන ඔබටයි මේ රෙසිපිය..
අවශ්‍ය ද්‍රව්‍ය – ස්පැගට් (පැස්ටා) ග්‍රෑම් 500 ක්, බේකන් ග්‍රෑම් 200 ක්, ළුෑණු ග්‍රෑම් 150 ක්, තක්කාලි සෝස් කෝප්ප 2 ක්, ඔරිගානෝ තේ හැඳි බාගයක්, තෙල් මේස හැඳි 5 ක්,
සාදා ගන්නා ආකාරය
පළමුව ස්පැගට් (පැස්ටා) තම්බන්න. වතුරට ලුණු සහ ඔලිව් තෙල් දමා රත්වන විට ස්පැගට් (පැස්ටා) දමා තම්බන්න.
සෝස් සාදා ගන්නා ආකාරය
සාස්පනකට තෙල් දමා රත්කර කුඩාවට කපාගත් බේකන් දමා කර කර ගා හැපෙන ආකාරයට බැද කුඩාවට කපා ගත් ළුෑණු දමා දුඹුරු වර්ණ වූ විට තක්කාලි සෝස් දමා අඩු ගින්දරේ විනාඩි 20 තබා එයට ඔරිගානෝ දමා ලුණු අවශ්‍ය පමණ දමන්න. මෙය ඉදෙන විට රතු වර්ණය ගනී. ඉන් පසු ලිපෙන් බා පැත්තකින් තබන්න.
තම්බා ගත් පැස්ටා එයට කලවම් කර කැමති නම් ගා ගත් පාමසන් චීස් උඩින් ඉසින්න.