උළුදු වඩේ කියන්නේ ශ්‍රී ලාංකික අපිට ඕනෑම වේලාවක රස විදින්න පුළුවන් බොහොම රසවත් ආහාරයක්. නගරබදව නම් ගොඩක් ආපන ශාලා වල උළුදු වඩේ විකිණීමට තිබෙනවා. නමුත් ඒවායේ පිරිසිදු බව පිලිබදව අපිට විශ්වාසයක් තබන්න අපහසුයි. ඒ නිසාම ඔබට පුළුවන් නම් ගෙදරදීම උළුදු වඩේ හදාගෙන කන්න එක සෑම අතින්ම සෞඛ්යාරක්ෂිත වෙනවා. ඒ වගේම ඔබේ ආදරණියන්ටත් බොහොම රසබර අත්දැකීමක් වේවි. ගොඩක් ගෘහණියෝ හිතන්නේ උළුදු වඩේ හදන එක හරිම අමාරු වැඩක් කියලා. නමුත් එක එතරම් අමාරු දෙයක් නෙවෙයි. ඔන්න අද අපි ඔබට කියා දෙනවා බොහොම සරලව නිවසේදීම උළුදු වඩේ හදන්නේ කොහොමද කියලා.
අවශ්‍ය අමුද්‍රව්‍ය
උළුඳු අවශ්‍ය ප්‍රමාණයක්, ගන්නා ලද උළුඳු ප්‍රමාණයෙන් අඩක් පාන්පිටි, බේකින් පවුඩර් ස්වල්පයක්, සිහින්ව ලියා ගන්නා ලද ළුණු, අමු මිරිස් ස්වල්පයක්, වියලි මිරිස් ස්වල්පයක්, කරපිංචා ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක්, ලුනු කුඩු ස්වල්පයක්, තෙල් ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
මුලින්ම ඔබ කැමති ප්‍රමාණයක් උළුදු අරගෙන හොදින් සෝදා ගෙන පැය 6-7ක් පමණ දිය දමා පෙගෙන්නට හරින්න. ඉන්පසුව උළුදු වල වතුර හොදින් වියලා ගෙන බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. එසේ කිරීමෙන් උළුදු උදු පිටි බවට පත් වෙනවා. දැන් උදු පිටි ප්‍රමාණය මෙන් හරි අඩක් පාන්පිටි මෙයට එක් කර ගන්න ඕනේ. ඒ කියන්නේ උදු පිටි ග්‍රෑම් 200ක් නම් පාන්පිටි ග්‍රෑම් 100ක් පමණ. අපි මෙහෙම කරන්න හේතුව තමයි උඳු පිටි විතරක් ගත්තම පොඩි තිත්ත රසක් එන්න පුළුවන් නිසා. හරි දැන් මේ උදු සහ පාන්පිටි මිශ්‍රණය මිනිත්තු 5ක් අතින් හොදට කවලම් කරගන්න. දැන් එම මිශ්‍රණයට බේකින් පවුඩර් ස්වල්පයක් ස්වල්පයක් එකතු කරගන්න. නැවත මිශ්‍රණය හොදින් කලවම් කර ගන්න. ඊලගට අපි මේ මිශ්‍රණයට පොඩියට කපා ගත් ළුණු, අමු මිරිස්, වියලි මිරිස්, කරපිංචා, කහ කුඩු (ඉතාම ස්වල්පයක් ), ගම්මිරිස් සහ රස අනුව ලුනු එකතු කරගන්න ඕනේ.
හරි ඔන්න දැන් වැඩ ගොඩක් හරිය ඉවරයි, දැන් තියෙන්නේ සුවද හමන රසවත්ම හරිය. අපි දැන් උළුදු වඩේ තෙලේ බැද ගන්නයි යන්නේ. තෙල් බදුනක් ලිපේ තියා ගන්නකො. ඊට පස්සේ වතුරෙන් අත තෙමාගෙන මිශ්‍රණයෙන් බෝලයක් හැඩයට කොටසක් කඩා ගෙන එහි මැද මහපට ඇගිල්ලෙන් සිදුරක් සාදා ගන්න. අඩු ගින්දරේ රන්වන් පාට වනතුරු බැදගන්න.
එහෙනම් ඔන්න උළුදු වඩේ හදලා ඉවරයි. දැන් ගෙදර හැමෝමත් එක්ක එකතු වෙලා රස විදින්නයි තියෙන්නේ. එහෙනම් හදලා ඉවර වෙලා අපිටත් විස්තර කියන්නකෝ.